ජාවා සිංහලෙන් ඉගෙන
ගනීමු.
ජාවා හැදින්වීම.
ජාවා කියන්නේ පරිඝනක
භාෂාවක්.මේකේ ඉතිහාසය ගත්තොත් මුලින්ම
පටන් ගන්නේ 1990 Sun micro
system කියන සමාගමෙන් තමයි මේ
පරිඝනක භාෂාව පටන් ගත්තේ.මුලින්ම මේකේ නම තිබුනේ “Oak” කියලා.
හරි,දැන් පටන් ගනිමු
ජාවා ගැන කතා කරන්න.ජාවා තමයි දැනට ලෝකේ ජනප්‍රියතම භාෂාව.එකට හේතු කිහිපයක්
තියනවා.
1)
Java is Compiled and
Interpreted.
අපි
බලමු මේ මොකද්ද කියලා.සාමාන්‍යයෙන් අපි කතා කරන භාෂාවන් පරිඝනකයට තේරෙන්නේ නැ.එකට
තේරෙන්නේ විදුලි බලය ඇති හෝ නැති බව.ඒ කියන්නේ අපි ඉගෙන ගන්න java වගේ පරිඝනක භාෂාවක් වත් තේරෙන්නේ නැ.හැබැයි මේ ජාවා කියන පරිඝනක භාෂාවේ
තියනවා අපේ codes, machine language
එකට පරිවර්තනය කරන translator.මෙය වර්ග 2ක් තියනවා.
·
Compiler -මෙමගින් අපේ code එක byte code එකක් බවට පරිවර්තනය
කරනවා.
·
Interpreter
-මෙමගින් byte code එක machine
code එක බවට පරිවර්තනය කරනවා.
2. Platform
independent ඒ කියන්නේ අපි ලියන CODE එක ඕනි Operating system එකක් තියන පරිඝණකයක run කරන්න පුළුවන් කියන එක.මේක
ජාවා වල බොහොම වැදගත් ලක්ෂණයක්.
3. Fully Object –Oriented. -ඒ
කියන්නේ මේක වස්තු පාදක ක්‍රමලේඛ භාෂාවක්.අපි ඒ ගැන ඉදිරියට කතා කරමු.
4. Robust &
Secure
5. Distributed.
6. Multithreaded.
7. High Performance. (Faster)
Java Virtual Machine
JVM (Java Virtual Machine)
ජාවා වැඩසටහන් ක්‍රියාත්මක වන පරිසරය වේ. මෙම කේත (.java ගොනු) සම්පාදනය කල විට එය,
බයිට කේත බවට පරිවර්තනය
කර පසුව (.class) ගොනු බවට තැන්පත් වේ.
අපි ක්‍රමයෙන් බොහොම
සරලව ජාවා ඉගෙන ගමු.ඉදිරි පොස්ට් වලින් නැවත හමුවෙමු.

